අයවැයට එරෙහි වන්න නම් මෛත්‍රීට ජනපති අපේක්ෂකත්වය ඕන! – ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්….

April 4, 2019 at 7:47 am | by admin

එළඹෙන ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කරන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහතිකයක් ලබා නො දෙන්නේ නම් සිකුරාදා (05) පැවැත්වෙන අවසන් අයවැය ඡන්ද විමසීමේ දී ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සුපුරුදු ලෙස ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

අයවැය ඡන්දයේ දී ශ්‍රීලනිපය අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳ 02 වෙනි පැවති සාකච්ඡාවේ දී ද තීන්දුවක් නොගත් බව මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසීය. ඒ පිළිබඳ අද (04) තීන්දුවක් ගැනීමට නියමිත බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස