2015 අගෝස්තු 17 ඇරඹුණු ජනපති ධුර කාලය අවසන් වන්නේ 2020 අගෝස්තු 17යි! මා කියන්නේ බොරු නම් 19 වෙනි සංශෝධනය බලනු! – දයාසිරිගෙන් දේශපාලන ලෝකය අඩුයටිකුරු කරන නීති තර්කයක්….

June 26, 2019 at 9:47 am | by emanisa.lk

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ වසර 5ක ධුරකාලය ආරම්භ වන්නේ 2015 අගෝස්තු 17දා සිට බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මීට පෙර ජනපති ධුර කාලය ආරම්භ වූයේ කථානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ පත්වීම අනුමත කළ දින සිට වුවත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනපති ධුර කාලය ආරම්භ වන්නේ එම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු දින සිට බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය .

ඒ අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුරකාලය අවසන් වන්නේ 2020 අගෝස්තු 17 වැනිදා බවද හෙතෙම කීවේය. තමා මේ සඳහන් කරන්නේ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව බවත්, මේ පිළිබඳව කිසිවකුට ගැටලූවක් තිබේ නම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියවා බැලිය හැකි බවත් මන්ත‍්‍රීවරයා කීවේය.

මේ පිළිබඳ මතය විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියහොත් ජනාධිපතිවරයාගේ ධුරකාලය දිගුකර ගැනීමට උත්සාහ කරන බව පවසමින් ඇතැමුන් මාරාන්තික උපවාස කළ හැකි බවද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *