චන්ද්‍රිකාට යන එන මං නැතිවෙයි! ශ්‍රීලනිප අත්තගලු සංවිධායක ධුරයෙන් පන්නයි!

January 17, 2020 at 12:22 pm | by emanisa.lk

ශ්‍රීලනිප හිටපු සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අත්තනගල්ල ශ්‍රීලනිප සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබේ. මෙම තීන්දුව ගෙන ඇත්තේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසිනි.

චන්ද්‍රිකා වෙනුවට අත්තනගල්ල නව ශ්‍රීලනිප නව සංවිධායක ලෙස ලසන්ත අලගියවන්න පත්කර ඇතැයි එම පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී පක්ෂ තීන්දුවට එකඟ නොවී සජිත් ප්‍රේමදාසට සහය ලබා දුන් චන්ද්‍රිකා කුමාරතුංග එම පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ එම පක්ෂයේ පසුව නායිකාව වූ සිරිමාවෝ බණ්ඩානායකගේ දියණියක වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස