දකුණු පළාත් සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරු නෙරපයි! පොහොට්ටුවට කඩේ ගිය බවට චෝදනා!

August 3, 2019 at 4:54 pm | by emanisa.lk

දකුණු පළාතේ ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන්ට හා මධ්‍යම පළාතේ ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නට ධුරවලින් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා විසින් දන්වා ඇති බව ඉහළ පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා සිය දුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත බාර දී ඇති අතර දකුණු පලාත් ආණ්ඩුකාරවරයාද ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බව වාර්තා වෙයි.

මොවුන් සම්බන්ධයෙන් එම පලාත්වල ශ‍්‍රීලනිප දේශපාලඥයන් විසින් අවස්ථා කිහිපයකදී චෝදනා කර තිබූ අතර ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ ද මේ පිළිබඳ සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි. මොවුන් දෙදෙනා පොහොට්ටුව සමග එක්ව දේශපාලනය කරන බවට මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර සහ එස්.බී. දිසානායක එහි දී චෝදනා කර තිබිණි.

කෙසේ වුවද හිටපු ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම පවසා ඇත්තේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඉතාම කාර්යශූර අයකු බවත් ඔහු නිදි වරාගෙන විශාල වැඩකොටසක් කළ බවය. එහෙයින් මැතිවරණයක් ඉදිරියේ තබාගෙන ඔහු ඉවත් කිරීමට කටයුතු නොකළ යුතු බවත් තමා ඒ පිළිබඳ ජනාධිපතිවරයාට දැනුම් දෙන බවත් සිය නිවසේ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස