ජනපති නිල කාලය ගැන විමසීමට නියමිත නව අගවිනිසුරු සඳහා යෝජිත නම් මෙන්න!

April 14, 2019 at 8:38 am | by admin

වත්මන් අගවිනිසුරු නලින් පෙරේරා මහතාගේ ධුර කාලය මේ මස 28 වැනිදා නිමාවට පත්වෙයි. මේ වන විට අගවිනිසුරු ධුරය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ නීතිපති ජයන්ත ජයසූරිය මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.

මේ තනතුරු සඳහා අයකු පත් කිරීම් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අනුව වන අතර, ඔවුන් අතුරින් ජ්‍යෙෂ්ඨතමයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතාය.

මේ අතර පසුගියදා ශ්‍රීලනිප ජාතික සංවිධායක දයාසිරි ජයසේකර පැවසුවේ නව අගවිනිසුරු පත් වූ පසු ජනාධිපතිවරයාගේ ධුර කාලය ආරම්භ වන්නේ 2015 ජනවාරි 09 වන දින සිට ද නැත්නම් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට කතානායක අත්සන් කළ දින සිට ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බලන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස