අලුත් අගවිනිසුරු පත්කරලා ජනාධිපතිතුමාගේ නිල කාලය ගැන විමසනවා! ජනාධිපතිවරණයත් කල් දමන පොටක් ශ්‍රීලනිපය සොයයි…

April 11, 2019 at 7:53 am | by admin

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වසර 5 ක් සිය ධුර කාලය අවසන් වන්නේ කවදාද යන්න පිළිබඳව යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පැවසීය. ජනාධිපතිවරයා පත් වූයේ 2015 ජනවාරි 09 වෙනිදා වුවද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කතානායක අත්සන් කළේ 2015 ජුනි 21 නිසා ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ 2020 ජුනි 21 බවට මතයක් ඇතැයි ද හෙතෙම පැවසීය.

අලුත් අවුරුදු සමය අවසන් වීමෙන් පසුව නව අගවිනිසුරුවරයකු පත් වනු ඇතැයි ද, නව අගවිනිසුරු පත්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ඉඩකඩ තිබෙන බවද ඊයේ (09 වැනිදා) ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම කීවේය.

ජනාධිපතිවරයා විසින් 2018 ජනවාරි මාසයේදීද සිය ධුර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලදි. ඒ අනුව එවක අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සිය මතය ලබා දෙමින් 2018 ජනවාරි 15 දා ප‍්‍රකාශ කරන ලද්දේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *