මේ වන විට අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පළාගොස් ඇතැයි රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
කෙසේ වුවද මෙයට පෙර කේපී අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ආකාරයටම අර්ජුන් මහේන්ද්‍රන් ද ලංකාවට රැගෙන එන බව ඇමතිවරයා සඳහන් කළේය.
මේ පිළිබඳ අලුත්ම තත්ත්වය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් විමසා දැනගත හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.
අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මේ බව හෙළි කළේය.
Copyright © 2024 emanisa.lk