රිෂාඩ් හෝදන පාස්කු කමිටුව නවත්වන්න ජනාධිපතිටවත් බෑ! – ජවිපෙ නැවතත් එජාපය සමග සිට ගනී….

June 9, 2019 at 1:14 pm | by emanisa.lk

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට කැඳවා ඇති නිලධාරියකු නැවැත්වීමට විධායක ජනාධිපතිවරයාට බලයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස පවසයි.

19 වෙනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ මුක්තිය ද සීමා කර ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එවැනි බලයක් අගමැති රනිල්ට තිබුණේ නම් අර්ජුන් මහේන්ද්‍රන්ට සහ මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන්ට කෝප් කමිටුව හමුවට නොයන ලෙස අණ කරනු ඇතැයි ඔහු පැවසීය.

එහෙයින් ජනාධිපතිවරයාගේ අණ පරිදි පාර්ලිමේන්තුව හෝ අධිකරණය කරන කැඳවීම් නොසලකා සිටීමේ අයිතියක් රාජ්‍ය නිලධාරීන්ට නැතැයි හෙතෙම අවධාරණය කරයි. කතානායක මෙන්ම එජාපය ද දරන්නේ එම මතයමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස