හිටපු ජනාධිපතිගේ ගමේ ශ්‍රීලනිප ඡන්ද 36 500ක් එජාපයට! චතුරිකා දහම් කැම්පේන් කළේ සජිත්ටලු!

November 24, 2019 at 2:59 pm | by emanisalk

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දුන් 30 000ක් පමණ මෙවර එජාපයට ගොස් ඇතැයි එම දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳ විශ්ලේෂණයක දී අනාවරණය වී ඇත.

පොළොන්නරුවේ මැදිගිරියෙ සහ පොළොන්නරුව ආසනවලින් පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පොදුජන පෙරමුණ ඡන්ද 64 495ක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද 69 724ක් ද එජාපය ඡන්ද 45 428ක් ද ලබා ගත්තේය.

එහෙත් ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිප පොදුජන පෙරමුණට සහාය ලබා දෙන පසුබිමක එම ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය 1 340 219ක් විය යුතුය. එහෙත් ලබා ගෙන ඇත්තේ 96 904ක් පමණි. එහෙත් එජාපය ඡන්ද 81 996ක් ලබා ගත්තේය.

මේ අනුව පොළොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද 36 568ක් එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබේ.

මෙම තත්ත්වයට හේතුව ශ්‍රීලනිපය නිල වශයෙන් පොදුජන පෙරමුණට සහාය දැක්වන පසුබිමක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කළ චතුරිකා සහ දහම් සිරිසේන සජිත් ප්‍රේමදාසට වාසිසහගත ලෙස එම ප්‍රදේශවල මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වීම බව විචාරක මතයයි.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස