ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂය අගමැති රනිල්! අපි එජාපයට ගරු කළ යුතුයි! – අප්පච්චි මළෝ ජනපති සිරිසේනටත් කොකා පෙන්නයි…

March 25, 2019 at 8:13 am | by admin

අලියා දැවැන්ත සතෙක් වුවාද ඇස පුංචි නිසා අලියාට උගේ තරම නොතේරෙන්නේ යැයි තමා සිතූ බව ද අලියාගේ තරම තේරුණෙ දින 52 ආණ්ඩු සමයේ බව ද එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා පවසයි.

සජිත් ප්‍රේමදාස තම අනාගත සිහිනයක් බව පැවසූ මන්ත්‍රීවරයා ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂය රනිල් වික්‍රමසිංහ බව ද රාජපක්ෂලා ආර්ථික කලමනාකරණයට අසමත් බව ලෝකයටම පෙන්නු බව ද ප්‍රකාශ කළේය. රටේ අනාගතය රැඳෙන්නේ රනිල් වික්‍රමසිංහගේ ඔළුවෙන් වැඩ ගැනීම මත යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පසුගිය මහ මැතිවරණයේ දී පරාජයට පත් වූ විජිත් විජිතමුණි සොයිසා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කොට ඇමති ධුරයක් ලබා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි. දින 52 ආණ්ඩු සමයේ ඔහුගේ සහාය හිමි වූයේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *