නාවින්න නැවතත් එජාපයට යයි! සජිත් ජනපති කරන්න සූදානම්!

September 28, 2019 at 1:26 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළ කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ අද (28) අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කළ දින 52 ආණ්ඩු සමයේ එස්.බී. නාවින්න එජාපයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහාය පළ කරමින් සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු ප්‍රාදේශිය සංවර්ධන ඇමති ධුරයේ දිවුරුම් දුන්නේය.

2015 පසු මෛත්‍රීපාල සිරිසේනගේ සභාපතිත්වය යටතේ ශ්‍රීලනිප භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ නාවින්න එම වසරේ අගෝස්තු මහ මැතිවරණය අවස්ථාවේ එජාපයට එකතු විය.

නාවින්න එජාප විනය කැඩූ බව සඳහන් කරමින් පසුගිය 25 වෙනිදා එජාපයෙන් ඉවත් කළ මන්ත්‍රීවරුන් පස් දෙනාගෙන් අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස