මම යන්නේ මෛත්‍රී-රනිල් ගිය පාරෙමයි! ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදනවා! පළාත් සභා ශක්තිමත් කරනවා! – සජිත් ප්‍රේමදාස

September 10, 2019 at 1:50 pm | by emanisa.lk

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදා හැරීමකට තමා එකඟ බව එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ යාපනය ප්‍රදර්ශනයේ ඊයේ සඳුදා (09) ප්‍රධාන අමුත්තා ලෙස සහභාගීවූ අවස්ථාවේ පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව පැවැසීය.

”පිටරට ගියාම ධන වෙන, ප්ලස්වෙන, ආපහු ලංකාවට ආවම සෘණ වෙන, නෙගටිව් වෙන දෙබිඩි කතා මම ළඟ නැහැ. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදීමක් ඉෂ්ට සිද්ධ කරලා ඒ වැඩපිළිවෙළ තුළින් දේශපාලන සවිබලගැන්වීම, ආර්ථික සවිබල ගැන්වීම, සමාජීය සවිබලගැන්වීම, මේ හැම දෙයක්ම ඉෂ්ට සිද්ධවෙන ගමනක් අපි යන්නට බලාපොරොත්තු වෙනවා.

නමුත් මම එක දෙයක් කියන්න ඕනෙ. මේ ගැටලුවට විසඳුම් ලැබෙන්නේ දේශපාලන, ආර්ථික සහ සමාජීය බල ගැන්වීමකින් විතරයි.

පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේ මේ ගැටලුවට විසඳුමක් විදියට. නමුත් එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණේ නෑ. නමුත් අද වෙලා තියෙන්නෙ 13 වැනි සංශෝධනය විහිළුවක් බවට පත්වෙලා තියෙන එකයි. අපි පළාත් සභා ක්‍රමය ශක්තිමත් කළ යුතුයි.

2015 බලයට පත් වෙද්දි, ජනාධිපතිවරණයේ දී අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව තියෙනවා අපේ ස්ථාවරය. ඒ තමයි ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමක්. අදටත් ඒ ස්ථාවරයේ වෙනසක් නෑ.”

දැනට නිසි ලෙස ක්‍රියාත්මක නොවන පළාත් සභා ක්‍රමය සඳහා ලැබිය යුතු ප්‍රතිපාදන ලබා දෙමින් ඒවා කාර්යක්ෂම කරන බව ද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස