මෛත්‍රී එජාප වේදිකාවට ආවොත් අපි නෑ! රංගෙ සහ ෆොන්සේකා රනිල්ට කියයි…

October 4, 2019 at 7:30 am | by emanisa.lk

එජාප ජනාධිපතිවරණ ‌වේදිකාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ගොඩවුවහොත් එම මැතිවරණ ව්‍යාපාර‌යෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව යන බව එජාප මන්ත‍්‍රීන් වන සරත් ෆොන්සේකා හා පාලිත රං‌ගේ බණ්ඩාර ප්‍රකාශ ඇත.

එජාප නියෝජිතයන් ජනාධිපතිවරයා සමග පැවති කතාබහකට පසුව ඔවුන් අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත මෙය සඳහන් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

රංගෙබණ්ඩාර මෙන්ම ෆොන්සේකා ද ඇමති සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට දැඩි ලෙස එරෙහි වූ රනිල් පාර්ශවය නියෝජනය කළ පිරිසකි. රනිල් පාර්ශවය දිගින් දිගටම කොන්දේසි ඉදිරිපත් කරමින් සජිත් දුර්වල කිරීමට උත්සාහ කරන බවට චෝදනා නැඟෙයි.

ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාසට ජයගත හැකි බවට තමාට විශ්වාසයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මෙයට පෙර පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස