ගෝඨාට පංචමහා රාජයෝගය පරයන ලග්නාධිපති යෝගයක්! ජය නියතයි! කිසිවකුට ළංවෙන්නවත් බෑ! – ප්‍රකට ජ්‍යෝතීර්වේදියා හෙළි කරයි..(video)

August 16, 2019 at 9:29 am | by emanisa.lk

මේ අවස්ථාවේ පංචමහා රාජයෝග පවා ඉක්මවා යන ලග්නාධි යෝගයක් ගත කරන ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේ දී කිසිවකුට පරාජය කළ නොහැකි බව සුප්‍රකට ජ්‍යෝතීර්වේදියකු වන විජිත රෝහණ විජේමුණි පවසයි.

ඔහු 2015 මහින්ද රාජපක්ෂගේ පරාජය, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවීම, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය, මෝදිගේ ජයග්‍රහණය, අගමැති රනිල් විශ්වාසභංගය ජයගැනීම, සරත් ෆොන්සේකා එකදු ආසනයක් පවා නොගැනීම, රනිල් අගමැති වීම සහ නැවත මහ මැතිවරණයෙන් අගමැති වීම සහ පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව ජය ගැනීම ආදී නිවැරදි අනාවැකි 13ක් පවසා ඇති අයෙකි.

වෘෂ්චික ලග්නයෙන් උපන් ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම කේන්ද්‍රයේ මහින්ද රාජපක්ෂගේ චන්ද්‍රාදි යෝගයට සමාන ලග්නාධි යෝගයක් ඇති බවත් එවිට පංචමහා රාජයෝග පවා අබිබවා යන ප්‍රබල යෝග බවට පත්වන බවත් ඔහු පවසයි.

එජාප ජනපති අපේක්ෂකයන් යැයි කියන රනිල් වික්‍රමසිංහ මෙන්ම සජිත් ප්‍රේමදාස ද සෙනසුරු ඒරාෂ්ටක ගත කරන බවත් ඔවුන් කිසිවකුට ගෝඨාභය පරාජය කළ නොහැකි බවත් පවසන හෙතෙම සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේකෂක ධුරය පවා ලබා ගැනීමට අවස්ථාව නොලැබෙනු ඇතැයි පවසයි.

එම යෝගය ලක්ෂයකට එක් අයකුට පමණ පිහිටන දුර්ලභ යෝගයක් බව ද ගෝඨාභය රාජපක්ෂ පරාජය කළ හැකි අපේක්ෂකයකු මේ වන විට අහළකවත් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඡන්ද ලක්ෂ දෙකක් ලබා ගත නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස