ජාතික ආණ්ඩු හැදුවාට අලුතින් කැබිනට් ඇමතිකම් නෑ! – ජනපති තීන්දුව මෙන්න

February 9, 2019 at 10:40 am | by admin

එක්සත් ජාතික පෙරමුණ, මුස්ලිම් කොංග්‍රස මන්ත්‍රීවරයා සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් සඳහා වන යෝජනාවක් සම්මත කර ගත්ත ද තමන් අලුතෙන් කිසිදු කැබිනට් අමාත්‍යවරයකු පත් කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව පැවසුවේ පසුගිය බදාදා සන්ධ්‍යාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

තමන් මේ සම්බන්ධයෙන් වන ව්‍යවස්ථානුකූල හා නීතිමය තත්ත්වය ගැන අවශ්‍ය කරන සියලුම නීති උපදෙස් මේ වන විටත් ලබාගෙන ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ජාතික ආණ්ඩුවක හෝ කවර ආණ්ඩුවක වුවද කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම පිළිබඳව ව්‍යවස්ථානුකූලව තනි අභිමතය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බැවින් ඒ ගැන කිසිදු බාහිර පාර්ශ්වයකට මැදිහත්වීමට ඉඩක් නැතැයිද හෙතෙම වැඩිදුරටත් කියා තිබේ.

මේ අතර පසුගිය බදාදා එක්සත් ජාතික පෙරමුණු නායක හමුවේදී දී ජාතික ආණ්ඩුව යෝජනාව සම්මත කරගෙන ඇමති තනතුරු වැඩි කර ගැනිමට අවශ්‍ය නම් අධිකරණයට වුව යාමට සූදානමින් කටයුතු කළ යුතු බව කිරිඇල්ල, කබීර් හෂීම් ආදීන් පවසන විට සජිත් ප්‍රේමදාස ඊට එරෙහි වී ඇත. අජිත් පී. පෙරේරා සහ එරාන් වික්‍රමරත්න ද ඊට එරෙහි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *