මෛත්‍රී ගෝඨාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න තීන්දු කරයි! ගෝඨා වෙනුවෙන් උතුරට රනිල්ට එරෙහිව මෛත්‍රී!

September 29, 2019 at 8:43 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය උදෙසා ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයට එකතු වීමට සැලසුම් කර ඇත.

මේ වන විට මෛත්‍රීපාල සිරිසේන සමඟ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සමග වෙන වෙනම සාකච්ඡා වට දෙකක් පවත්වා තිබේ.

මෙම නායකයන් ඇතිකරගත් එකඟතාව අනුව ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී ගෝඨාභය වෙනුවෙන් ප්‍රචාරක රැලි අමතනු ඇත.

එසේම ශ්‍රී ලංකා පොදුජන සන්ධානය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ගිවිසුම් ගතවන දිනය ලබන සතියේ නිවේදනය කිරීමට නියමිතය.

මේ අනුව සජිත් වෙනුවෙන් රනිල් ද ගෝඨා වෙනුවෙන් මෛත්‍රී ද උතුරේ ජනතාව අමතනු ඇති අතර රනිල් උතුරට බලය බෙදීම පිළිබඳව ද මෛත්‍රීි උතුරේ ආර්ථික සංවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳව ද පණිවිඩය රැගෙන යාමට ප්‍රමුඛතාව ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස