ජනපතිටත් යැවූ අවසාන බුද්ධි වාර්තාව මෙන්න! ගෝඨාභය වැඩි ඡන්ද ලක්ෂ 30කින් නියත ජනපති! ගෝඨා ලක්ෂ 76යි! සජිත් ලක්ෂ 45%යි! අනුර ලක්ෂ 6යි!

November 15, 2019 at 12:56 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය පසුගිය 05 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කළ බව කියන රහස් ලිපියක් සමාජමාධ්‍යවල හුවමාරු වෙයි.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් යවන ලද එම රහස් ලිපිය අනුව ගෝඨාභය රාජපක්ෂ ලක්ෂ 30කට අධික වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ජයග්‍රහණය කිරීමට නියමිතය.

මෙම වාර්තාව අනුව ගෝඨාභය රාජපක්ෂට ඡන්ද 7 624 000ක් (58.2%) හිමි වන අතර සජිත් ප්‍රේමදාසට ඡන්ද 4 546 000ක් (37.7%) ද ලැබෙයි. අනුර දිසානායකට හිමි වන්නේ ඡන්ද 576 000ක් (4.4%) පමණි. සෙසු අපේක්ෂකයන් අතර ඡන්ද 350 000ක් (2.7%) බෙදී යනු ඇත.

මේ අනුව ගෝඨාභය රාජපක්ෂ වැඩි ඡන්ද 3 078 000කින් ජයග්‍රහණයක් ලබා ජනාධිපති ධුරයට පත්වනු ඇත.

එහිදී ගෝඨාභය දිස්ත්‍රික්ක 16ක් ද සජිත් දිස්ත්‍රික්ක 05ක් ද හිමි වනු ඇති අතර නුවරඑළියේ කරට කර තරඟයක් පවතී.

ගෝඨාභය මැතිවරණ කොට්ඨාශ 119ක් ද සජිත් ප්‍රේමදාස මැතිවරණ කොට්ඨාශ 34ක් ද ජයගනු ඇති අතර කොට්ඨාශ 9ක කරට කර තරඟයක් පවතී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස