පක්ෂය පිළිබඳ තීරණ ගත යුත්තේ පවුඩර් බබාලා නොව ස්වභාවික නායකයන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය ඉමිතියාස් බකීර් මාාකර් අවධාරණය කරයි.
ඔහු මේ බව සඳහන් කළේ මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ පැවති උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ වන විට පක්ෂයේ බහුතරය පැහැදිලි ස්ථාවරයක සිටින අතර ඊට පක්ෂයේ ඉඩක් තිබිය යුතු බව හෙතෙම කියාසිටියේය.
කිසියම් හෝ කෙනෙක් ජනාධිපති ධූරයට හෝ අගමැති ධූරයට ඉදිරිපත්වන්නේ නම් එම තැනැත්තා පක්ෂයට නායකත්වය දිය යුතු අතර නායකත්වයේ හිඳිමින් ඒ සඳහා ඉදිරිපත් නොවී ඉදිරිපත්වන තැනැත්තා පාලනය කිරීමට උත්සහ දරන්නේ නම් එය විහිළුවක් බව ඉමිතියාස් බකීර් මකාර් පැවසුවේය.
Copyright © 2026 emanisa.lk