අපේ අසහාය නායකතුමා විවේචනය කළ නගරාධිපතිට එරෙහිව විනය පියවර ගනු! – එජාප නගරාධපතිවරු

May 17, 2019 at 12:24 pm | by admin

පක්ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් වැලිගම නගරාධිපති රොහාන් විජේරත්න මහතාට එරෙහිව විනය පියවර ගන්නැයි නගරාධිපතිවරුන් ලිඛිතව ඉල්ලීම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

වැලිගම නගරාධිපතිවරයා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කරමින් ලිපියක් ලියා ඇතැයි ද ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් කර විනය පියවර ගන්නැයිද එක්සත් ජාතික පක්ෂයට බලය හිමි නගරසභාවල නගරාධිපතිවරුන් ලිඛිත ඉල්ලීම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වැලිගම නගරාධිපතිවරයා පක්ෂ විනය කඩකර තිබේනම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කර විනය පියවර ගන්නා බව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.

වැලිගම නගරාධිපතිවරයා පසුගියදා අගමැතිවරයාට ලිපියක් යවමින් පවසා ඇත්තේ රනිල්ගේ කාලය අවසන් බවත් සජිත්ට නායකත්වය ලබා දීමට කාලය පැමිණ ඇති බවත්ය. ඉදිරි ජනාධිපතිවරණයට සජිත් ඉදිරිපත් කළහොත් ඔහු ජයග්‍රහණය කරවිය හැකි බවත් ඔහු පෙන්වා දී තිබිණි.

කෙසේ වුවද චීන නායක ඩෙන් සියා ඕ පිං චීනය භාරගත්තේ වයස 70 ඉක්මවා බව සිය 72 දෙවෙනි උපන්දිනය දා ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස