අද රටේ අනුකම්පා රැල්ලක් තීනවා! යූඇන්පීය ඒකෙන්වත් ගොඩයන්න ඕන! හකීම්

November 25, 2019 at 10:55 pm | by emanisa.lk

උතුරු නැඟෙනහිර ඡන්ද සජිත් ප්‍රේමදාසට ලැබුණේ කපුටෙක් තල් ගෙඩියක් මත වැසුවාක් මෙන් බවත් එම ඡන්ද තමන් නිසා ලැබුණේ යැයි සිරිකොතේ රාවයක් යන බවත් හිටපු ඇමති රවුෆ් හකීම් පවසයි.

ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ නම් අපේක්ෂකයා කර රැගෙන එන්න එපා යැයි ජනතාව තමන්ගෙන් ඉල්ලා සිටියත් ඔහුට එය නොතේරෙන බව ද හකීම් පෙන්වා දෙයි.

මේ වන විට රටේ අනුකම්පා රැල්ලක් ඇති බවත් එක්සත් ජාතික පක්ෂය එය උපයෝගී කරගත යුතු බවත් හිටපු ඇමතිවරයා අවධාරණය කළේය.

ඊයේ (24) නින්දවූර් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස