අරලිය මැදුරේ සාකච්ඡා කළාට වැඩක් නෑ! සජිත්ට අපේක්ෂකත්වය නොදෙන කිසිදු යෝජනාවක් අපි පිළිගන්නේ නෑ! – හරීන්

September 10, 2019 at 7:57 pm | by emanisa.lk

අද (10) රාත්‍රී 9.30ට අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමති සජිත් ප්‍රේමදාස අතර ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් සහ තීරණාත්මක සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා අතරමැදියන් ලෙස ඇමති රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ආයතන සභාපතිවරයකු වන දිනේෂ් වීරක්කෝඩිට ද ආරාධන කර තිබේ.

කෙසේ වුවද ඇමති හරීන් ප්‍රනාන්දු BBC සිංහල සේවයට පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා නොකරන කිසිදු තීන්දුවකට තම පාර්ශ්වය එකඟ නැති බවය.

“අද මෙම සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරයි කියලා අපි හිතනවා. පක්ෂයේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම එයයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස