අපේක්ෂකත්වය සජිත්ට දෙන්න රනිල් පනවන කොන්දේසි මෙන්න…

September 25, 2019 at 8:33 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබාදීමේ දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ කොන්දේසි 10 පැනවීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි. ඉන් කිහිපයක් මෙසේය.

1. විධායක ජනාධිපති ධුරය මාස 06ක් ඇතුළත ඉවත් කළ යුතුය.
2. අගමැති අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහට හිමි විය යුතුය.
3.සියලු බලතල සහිතව පක්ෂ නායක ධුරය රනිල් වික්‍රමසිංහට හිමි විය යුතුය.
4.මැතිවරණ ව්‍යාපාරය එජාය විසින් මෙහෙයවිය යුතුය.

මේ අතර රාජිත සේනාරත්න පෙන්වා දී ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සමග ජනාධිපති ධුරය නාමික ධුරයක් වන නිසා සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අනාගතය පිළිබඳව ද සිතා බැලිය යුතු බවය. මන්ද අවුරුදු 52ක් යනු විශ්‍රාම යා යුතු වයසක් නොවේ.

මෙම කොන්දේසි අනුව සජිත් ‍ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වුවහොත් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වන අතර මාස 6ක් ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි වී සියලු විධායක බලතල සහිත අගමැතිවරයා බවට ද ඔහු පත්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස