විශ්‍රාමික හමුදා නිලධාරීන්ට තමන් විසින් දිනූ හමුදා නිල ලාංඡන පැළඳිය හැක්කේ ඒවා පැලඳීමට අවසර ඇති අවස්ථාවන්ට පමණක් යයි හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කරයි.
පසුගිය නිදහස් දින උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් විසින් දිනූ නිල ලාංඡන පැළඳ සිටීම ගැන මාධ්‍ය හමුවකදී කරන ලද විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
හමුදා නිල ලාංඡන හැම තැනටම හැම ඇඳුමටම පළඳින්නේ නැති නැති බවද කී ඔහු එම නිල ලාංඡන පැළඳීමේදී සම්මත ඇඳුමක්ද පවතින බවද සඳහන් කළේය.
පීසා කන්න කඩේට යන ආකාරයෙන් හෝ කොට කලිසමක් අත්කොට කමිසයකට නිල ලාංඡනය පැළඳිය නොහැකි බවද ඔහු තවදුරටත් පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Copyright © 2025 emanisa.lk