ගෝඨාට වඩා ජනාධිපති වෙන්න සුදුසුකම් මට තියෙනවා! මම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්! – හේෂා විතානගේ

August 22, 2019 at 12:37 pm | by emanisa.lk

පොහෝට්ටුවේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂට වඩා තමන්ට දේශපාලන සුදුසුකම් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

තමා පිළි‍වෙළට දේශපානය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අයකු බවත් රටට උවමනා ඇමරිකාවෙන් ආනයනය කළ ජනාධිපතිවරයකු නොවන බවත් මන්ත්‍රීවරයා පවසයි.

71 වසරක් රට පාලනය කළ අයගේ වරදින් නැවත වරක් රටේ බෝම්බ පිපිරුණ බව පැවසූ මන්ත්‍රීවරයා සුදු වෑන් සංස්කෘතියක් ඇති කර මාධ්‍යවේදීන් ඝාතනය කළ අයකු නැවත ඒවා නොකර සිටී යැයි කිව නොහැකි බව පෙන්වා දෙයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ගෝඨාභය කතා කළ ද ඔහුට වඩා ඒ සඳහා සුදුසුකම් සරත් ෆොන්සේකාට ඇති බවත් ඔහු සිටින්නේ තම පාර්ශවයේ බවත් ඔහු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස