මාවිල්ආරු මුදාගැනීමේ තීන්දුව ගෝඨා ගත්තේ විනාඩි 07න්! සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්…

April 5, 2019 at 9:52 am | by admin

කොටි සංවිධානය විසින් මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසු  එය මුදා ගැනීම සඳහා වූ තීරණය විනාඩි 7ක් ඇතුළත එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගත් ආකාරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදි හෙළි කළේය.

ඒ වන විට තමන් සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබාගනිමින් සිටි බවත් මාවිල්ආරු වසා දැමීමෙන් පසු තමන් ලංකාවට පැමිණ කටුනායකට සිට එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට දුරකතන අමැතුමක් ලබාගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

“මම ගෝඨාභයට කතා කරලා මේ ගැන ඇහුවා. ඔහු කිව්වා මාවිල් ආරුවහලා කියලා. මම විනාඩි 5න් ගන්නම් කියලා ත්‍රිකුණාමලයේ අණදෙන නිලධාරීට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ මම ගෝඨාභයට ගත්තා. ඔහු කිව්වා විනාඩි දෙකෙන් කෝල් එකක් දෙන්නම් කියලා. ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂට කතා කරලා මට කිව්වා වැඩේ කරන්න (මුදවා ගන්න) කියලා.” යැයි සරත් ෆොන්සේකා පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස