මහින්ද පරාද කරලා මැදමුලනේ ජනේලේ එල්ලූ අපට හිරේ යන්න ඉන්න ගෝඨා ලොකු නෑ! කතානායක කරූ අගමැති රනිල්ට වඩා සුවිශේෂත් නෑ! – අගමැති රනිල් ජනපති කරන සටන ෆොන්සේකා අතට ගනී……

April 1, 2019 at 11:22 am | by admin

රාජපක්ෂ පවුලේ දැවැන්තයා වන මහින්ද රාජපක්ෂ පරාජයට පත් කොට මැදමුලනේ ජනේලයේ එල්ලූ එක්සත් ජාතික පක්ෂයට එම පවුලේ වෙන අයෙකු ජනාධිපතිවරණයට පැමිණීම ගැටලුවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීි සරත් ෆොන්සේකා පවසයි. දූෂණ වංචා නිසා ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ සිරගත වුවහොත් ගැටලුවක් මතු වන බව හෙතෙම පවසයි.

ජනාධිපතිවරණයේ දී නායකයා පැත්තකට දමා වෙන අයකු රජ කර එක වරක් සිදු කළ වරද නැවත සිදුවිය යුතු නැති බව පවසන මන්ත්‍රීවරයා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව පවසයි. ඔහුට කිසිවකු විරුද්ධ නම් ඔහුට වඩා විශේෂිත දක්ෂතා ඇති අයකු ඉදිරිපත් කළ යුතු වුවද එවැන්නකු නැතැයි ද හෙතෙම පවසයි. රනිල් වික්‍රමසිංහ වෙනුවට ඉදිරිපත් කිරීමට තරම් කරූ ජයසූරියගේ විශේෂතාවක් නැතැයි ද මන්ත්‍රීවරයා පවසයි.

කැලණිය ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කැලණිය ජනාධිපති විද්‍යාලය අතර ක්‍රිකට් තරඟයේ සමාරම්භක අවස්ථාවට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස