දිල්රුක්ෂි, සුහද සහ ලැසිල්ට පසු රවී ආණ්ඩුවේ අන්තිම වස්ත්‍රයත් උනා දමයි! FCIDය ඇමතිවරු බලපෑම් කළ දඩයම් ගුහාවක්! ගෝඨා මහින්ද නිර්දෝෂයි! (video)

October 25, 2019 at 11:24 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂට එරෙහි මිග් යානා ගනුදෙනුව පිළිබඳ ලැබුණු පැමිණිල්ල අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ (FCID) සිදුකළ විමර්ශනවල දී ඔහු කිසිදු වරදක් සිදුකර ඇතැයි අනාවරණය නොවූ බවත් දේශපාලන වේදිකාවල ප්‍රකාශ කළ ආකාරයට රාජපක්ෂවරුන්ට විදෙස් රටවල මුදල් හෝ දේපළ ඇති බවක් එහිදී හෙළි නොවූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර පවසයි.

වර්තමාන ආණ්ඩුව ආරම්භ කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ (FCID) විමර්ශන කටයුතුවලට රජයේ ප්‍රබල ඇමතිවරුන්ගෙන් දේශපාලන බලපෑම් එල්ල වූ බව ද එහි වසර 4කට අධික කාලයක් ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කළේය.

FCID වෙත පැමිණිලි ලබා දුන්නේ දූෂණ විමර්ශන කාර්යාංශය මගින් බවත් ඒ සියලු පැමිණිලි පැවති රජයේ පිරිස් ඉලක්ක කරගෙන යොමු කළ බව තමාට අවබෝධ වූ බවත් හෙතෙම පවසයි. එම කාර්යාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ජනාධිපති නීතීඥ ජේ.සී. වැලිඅමුණ බවත් රාජිත සේනාරත්න, පාඨලි චම්පක රණවක, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම ආදි ඇමතිවරු මෙන්ම ජවිපෙ අනුර දිසානායක ද එම විමර්ශන ඉක්මන් කර නඩු පවරන ලෙස බලපෑම් කළ බවත් පැමිණිලි භාර දෙන අවස්ථාවල එම විමර්ශන කළ යුතු ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් ඔවුන් කළ බවත් හිටපු FCID ප්‍රධානියා හෙළි කරයි.

මෙම විමර්ශන පිළිබඳ කැබිනට් අනු කමිටුව රැස්වූයේ අරලියගහ මන්දිරයේ බවත් එහිදී අදාළ විමර්ශන පිළිබඳ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ප්‍රශ්න ඇසීම එම කණ්ඩායම සිදුකළ බව ද ඔහු සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස