ගෝඨාගමනයට පෙරම ආණ්ඩුවට ගෝඨාෆෝබියාව වැළඳෙයි! මැතිඇමතිලාට ගෝඨා හමුවීම තහනම්!

August 7, 2019 at 12:16 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවීම එම පක්ෂය මගින් තහනම් කර ඇතැයි වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිත පසුබිමක එජාපයේ රනිල් පාර්ශවයේ සහ සජිත් පාර්ශවයේ ප්‍රබලයන් රහසේම ගෝඨාභය රාජපක්ෂ හමු වී සාකච්ඡා කළ බව පසුගියදා හෙළි වූ අතර එය එජාපයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ විවේචනයට ලක්ව තිබේ.

විශේෂයෙන් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී ගෝඨාභය රාජපක්ෂට එරෙහිව බොරු භීතිකාවක් නිර්මාණය කිරීමේ සැලසුමට මේ ආකාරයට එජාප මන්ත්‍රීවරුන් නිතර ගෝඨාභය හමු වීම අහිතකර ලෙස බලපෑම් කළ හැකි බව ඇතැම් මන්ත්‍රීවරුන් පවසා ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

එජාප මන්ත්‍රී හමුවේ දී සරත් ෆොන්සේකා පවසා තිබුණේ උදෑසන වේදිකාවේ දී ගෝඨාභය ජනාධිපති වුවහොත් තමන් සුදු වෑන්වලින් උස්සනු ඇතැයි පවසන මැති ඇමතිවරුන් එහිදී තමන් හවසට ගෝඨාභය මුණ ගැසීමට යන බව ද ප්‍රකාශ කළ යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස