බෙල්ලන්විල නාහිමි ගෝඨා පිළිබඳ කිසිවකු නොදත් රහසක් හෙළි කරයි! (video)

October 8, 2019 at 8:16 am | by emanisa.lk

කොටි ත්‍රස්තවාදය අවසන් කරන මානුෂික මෙහෙයුම අවස්ථාවේ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් සරත් ෆොන්සේකා වැනි ඉහළම හමුදා නිලධාරීන් පමණක් නොව සාමාන්‍ය හමුදා නිලධාරීන් පවා සිංගප්පූරුවෝ මවුන්ට එලිසබෙත් රෝහලට යවා සියලු පහසුකම් සහිතව ප්‍රතිකාර ලබා දුන් ආකාරය තමා සියැසින් දුටු බව බෙල්ලන්විල රජමහ විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමි පවසයි.

එම සෙබළුන් ඉක්මන් සුවය ලබා නැවතත් යුද බිමට ගොස් රට වෙනුවෙන් සටන් වැදීමට සූදානමින් සිටින බව තමන්ට පැවසූ බවත් එවැනි තත්ත්වයකට හමුදාවේ මානසිකත්වය ගොඩනැඟුවේ ගොඨාභය රාජපක්ෂ බවත් එහිමියන් හෙළි කළේය.

එපමණක් නොව අත්තිඩියේ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් නේවාසිකාගාරයක් ඉදිකර ඉතාම කාරුණික ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ කෘර සැර පරුෂ අයකු බව සඳහන් කරන අකෘතඥ දුර්ජන පුද්ගලයන් පිළිබඳ තමා කනගාටුවට පත්වන බව ධම්මරතන හිමි ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස