20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කර ගැනීමට උත්සාහ කරනු ලබන්නේ මේ රට සිංහල බෞද්ධ රටක් බවට පත් කළ යුතුයැයි පවසන වියත්මගෙහි අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.
20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හා දෙමළ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු මේ බව සදහන් කරයි.
“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රටේ ඕනෑවටත් වඩා බලය තිබෙනවා. ඔහුට පාර්ලිමේන්තුවේ පවා තුනෙන් දෙකක බලයක් තිබෙනවා. ඔහු වටා බලය ගොඩ ගසා තිබෙනවා. එසේ තිබිය දී ඔහුට වෙනත් බලතල අවශ්‍ය නැහැ. නමුත් මේ ආණ්ඩුවේ වියත් මග කියන කණ්ඩායමක් සිටිනවා. එම කණ්ඩායම ඉතා භායනකයි. රට වටේම ගොස් මේ රටේ ජනාධිපතිවරයා විය යුත්තේ ගෝඨාභමය රාජපක්ෂ මහතා ම බවට ප‍්‍රචාරණයන් සිදු කරනු ලැබුවේ එම කණ්ඩායමයි. මේ රට එක ජාතියක් එක ආගමක් එක් භාෂාවක් සහිත රටක් බවට පත් කිරීමට ඔවුන් උත්සහා දරනවා. ඔවුන්ගේ කණ්ඩායම ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුවක් ලෙස කටයුතු කරනු ලබනවා. ඒ නිසයි ඔවුන්ට මේ බලය අවශ්‍ය වී තිබෙන්නේ.
සැබැවින්ම මෙම 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ විපක්ෂය මර්දනය කිරිමට වඩා ආණ්ඩුව තුළම ගෝඨාභය රාජපක්ෂ මහතා වටා තවදුරටත් බලය ගොඩ ගැසීමේ අරමුණින්.
මෙහිදි ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර තරඟයක් තිබෙන බවක් මෙයින් අදහස් කරන්නේ නැහැ. මෙම තත්තවය ඊට එහා ගිය තත්ත්වයක්. වියත්මග කියන කණ්ඩායමේ අරමුණ මේ රටෙ සිංහල බෞද්ධ රටක් බවට පත් කිරිමයි. එම ක්‍රියාවට බාධා වන කවරෙකු සිටියත් ඔවුන් එම කණ්ඩායම විසින් පලවා හැරීමට උත්සහා දරනු ඇති. එහි පළමු පියවර ලෙස එකාධිපති ජනාධිපතිවරයෙක් නිර්මාණය කර ගැනීමයි ඔවුන්ගේ අරමුණ. ඒ හැර වෙනත් හදිසියක් මොවුන්ට නැහැ. මන්ද ජනාධිපතිවරයාට වර්තමානයේ තිබෙන බලතල අනුව ඕනෑම දෙයක් කරන්න පුළුවන්.
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රගමනය වෙනුවෙන් සම්මත වු සංශෝධයක්. එය ක්‍රියාත්මක කිරිමේ යම් යම් අඩුපාඩු තිබුණත් එවා නිවැරදි කර ගැනීමක් අවශ්‍ය වුවා මිසක් එය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස්පතිවරයා පවා ඉවත් කළ නොහැකි යැයි පවසන චෝදනාව අමුලික බොරුවක්. සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීමෙන් රටේ පොලිස්පතිවරයා ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබෙනවා. ඕනෑම අවස්ථාවක එවැනි දෙයක් කරන්න පුුළුවන්.
ඵැවති ආණ්ඩුව කාලයේදි මෙය කළ නොහැකි වුයේ රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයා හා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා යන තනි පුද්ගලයන් අතර තිබුණු බල අරගලය නිසයි. එසේ නොමැතිව නීතියේ තිබුණු වැරද්දක් නිසා එය සිදු නොවුණා නොවෙයි. පුද්ගලයින් වෙනස් කිරීමේ හැකියාවක් ඇතත් නීතී වෙනස් කරන්න බැහැ. නීතී වඩාත් යහපත් ආකාරයෙන් සංශෝධනය කිරීමේ හා ශක්තිමත් කිරීමේ හැකියව තිබෙනවා.
වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල අනුව පෙනී යන්නේ ජේ. ආර්. ජයවර්ධන හිටපු විධායක ජනාධිපතිවරයාගේ 78 ව්‍යවස්ථාවටත් වඩා විධායක බලතල සහිත විධායක ජනාධිපතිවරයෙක් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නිර්මාණය කිරීමයි.
යහපාලන ආණ්ඩුව හොඳයි කියල මම කියන්නේ නැහැ. එහි අඩුපාඩු ඕනතරම් තිබුණා. යහපාලන ආණ්ඩුවෙන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වෙන්නේ නැහැ කියල ආණ්ඩුවේ ම ඇමතිවරයෙක් වශයෙන් මම ප‍්‍රකාශ කළා. නමුත් විපක්ෂය නියෝජනය කළ සුමන්තිරන් මන්ත්‍රීරවරයා පැවසුවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වන බවයි. එහෙත් මම දැන සිටියා රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු සිංහල දේශපාලඥයින්ට දෙමළ ජනතාවට විසඳුමක් ලබාදීමේ මානසිකත්වයක් හෝ දේශපාලන දැක්මක් නොමැති බව.
නමුත් පැවති හා වර්තමාන රාජපක්ෂ ආණ්ඩු හා සන්සන්දන කරන විට යහපාලන ආණ්ඩුව කාලයේ දි ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතීන් ලබාදී තිබුණා.භාෂණයේ නිදහස අරගල කිරීමේ නිදහස ජනාධිපතිවරයා අගමැතිවරයා පවා විවේචනය කිරීමේ නිදහස තිබුණා. නමුත් වර්තමානයේ මේ නිදහස සීමා කර තිබෙනවා. යහපාලන කාලයේ ජනතාවට විරෝධතා දක්වන්න නිදහස තිබුණා. යුද්ධයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීමේ නිදහස තිබුණා. අද ඒ සියල්ල තහනම් කර තිබෙනවා. යහපාලන ආණ්ඩුව කාලයේදි ස්වාධින කොමිෂන් සභා ඇති කළා. එවායේ යම් අඩුපාඩුවක් තිබේ නම් හදුනා ගත හැක්කේ එවා ක්‍රියාත්මක කරන විටයි. පසුගිය කාලයේදි එවැනි අඩුපාඩු දුටුවා. නමුත් එයින් කියවෙන්නේ නැහැ එම කොමිෂන් සභා අසාර්ථකයි කියල. වත්මන් ආණ්ඩුව හදන්නේ මෙම ස්වාධීන කොමිෂන් සභාවල පවතින අඩුපාඩු සකස් කර එවා ක්‍රියාත්මක කිරීම වෙනුවට සම්පුරණයෙන්ම අහෝසි කර දැමිමටයි.
මේ වනවිට දෙමළ ජනතාවගේ අයිතින් උල්ලංඝනය කෙරෙන බවට චෝදනා ආණ්ඩුවට එල්ල වෙමින් පවතිනවා. දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගත හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගල කිරීමෙන් පමණක් බව තෙරුම් ගත යුතුයි. එසේ නොමැතිව ඉබේ ම අයිතීන් ලැබෙන අතැයි සිතා නිදා සිිටියහොත් කිසිවක්ම ලැබෙන්නේ නැහැ. දෙමළ දේශපාලන නායකයින් මෙය තේරුම් ගත යුතුයි.
දෙමළ පාර්ලිමේන්තු කණ්ඩායම් එකමුතුවක් අවශ්‍ය බව කියා සිටියේ පසුගිය පාර්ලිමේන්තුවෙදීයි. මගේ එම අදහස බොහෝ දෙනා අගය කළා. නමුත් ප‍්‍රායෝගිකව එය ක්‍රියාත්මක වුණේ නැහැ. නැවතත් එම අදහස කරළියට පැමිණ තිබෙනවා. මම එවැනි එකමුතුවක් අවශ්‍ය බව කීවේ දෙමළ ජනතාවගේ පොදු ගැටළු පිළිබදව කතා කිරීමයි. සැබැවින්ම මෙය සිංහල ජනතාවට හෝ මුස්ලීම් ජනතාවට එරෙහි වුවක් නොවෙයි. එවැනි එකමුතුවක් ස්ථාපිත කිරීමට හැකියාවක් ලැබුණහොත් එහි උපදේශකියන් විමර්ශකයින් ලෙස ප‍්‍රගතිශීලි මුස්ලීම් සිංහල දේශපාලඥයින් එක් කර ගත යුතු වෙනවා. නැත්නම් එය සිංහල ජනතාවට හෝ මුස්ලීම් ජනතාවට එරෙහි එකමුතුවක් බවට චෝදනා කරන්න පුළුවන්. එස්. ජේ. වී. වෙල්වනායගම් මහතා පැවසුවා දෙමළ ජනතාව බේරා ගත යුත්තේ දෙවියන්ම පමණක් බව. නමුත් එසේ කිය කියා සිටියහොත් දෙවියෝ එන්නේ නැහැ අපව බේරා ගන්න. අපි අරගල කරන්න ඕන.
දකුණේ සිංහල ජනතාව වැරදි ආකාරයෙන් සිතිය හැකි යැයි උපකල්පනය කරමින් දෙමළ නායකයින්ට එකමුතු නොවී සිටිය නොහැකියි. මිය ගිය ඥාතීන් සිහිපත් කිරීමට ඇති අයිතිය යනු අපගේ මුලික අයිතිවාසිකමක්.
රජයට එරෙහිව ආයුධ සන්නද්ධ අරගල සිදුකළ අය හඳුන්වන්නේ ත‍්‍රස්ත‍්‍රවාදීන් ලෙසයි. එල්ටීටීඊ සංවිධානය , ඩග්ලස් දේවානන්ද මහාතගේ සංවිධානය පවා ත‍්‍රස්ත‍්‍රවාදීන් යැයි හැඳින්වුවා.
විමල් වීරවංශ අනුර කුමාර දිසානායක කියන්නේත් ජනතා විමුක්ති පෙරමුණේ සිටින හා සිටිය අයයි. ජනතා විමුක්ති පෙරමුණ 1989 කාලයේදි රජයට එරෙහිව ආයුධ අතට ගත්තා. සටන් කළා. ඔවුන් ලංකාවේ හමුදාව මැරුවා. පොලිස් නිලධාරීන් වගේම සාමන්‍ය ජනතාවත් ඝාතනය කළා . නමුත් ඔවුන් අද විවෘතව නිදහස්ව තමන්ගේ නායකයෝ විරයෝ සමරනවා. විශාල උත්සව ඒ වෙනුවෙන් පවත්වනවා. නමුත් උතුරේ ජනතාවට තමන්ගේ ඥතීන් සිහිපත් කරන්න බැහැ. මම අහන්නේ උතුරේ ජනතාවටයි දකුණේ ජනතාවටයි කියල වෙනම නීතියක් මේ රටේ තිබෙනවාද?
ආණ්ඩුව පත් වීමේදි පැවසුවේ එක රටක් එක නීතියක් කියල. නමුත් මම ප‍්‍රශ්න කරන්නේ කොහේද තිබෙන්නේ ඒ කියන එක නීතීය? එහෙම නම් මේ රටේ සිංහලයාට එක නිතියක් දෙමළාට එක නිතීයක් මුස්ලීම් මනුස්සයාට එක නීතියක් ක්‍රියාත්මක වෙනවාද?
මේ වන විට දෙමළ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කරමින් සිටිනවා. එය ඉතාම හොඳ දෙයක්. ඉදිරියේදි අපටත් එයට එක් වීමේ හැකියාවක් තිබෙනවා. නමුත් යාපනයේ දේශපාලන හා කොළඹ දේශාපාලනය කියන්නේ දෙකක්. එය අවබොධ කරගනමින් අප දේශපාලනයේ නියැළිය යුතුව තිබෙනවා.
පසුගියදා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හා ඉන්දීය අග‍්‍රාමත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්වුණා. එහි දි ඉන්දීය අග‍්‍රමාත්‍යවරයා 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතුව අවධාරණය කර තිබුණාත. නමුත් ශ්‍රී ලංකා රජයේ කවරෙකු හෝ එය මතක නැතැයි පවසනවා නම් එය ඉන්දීය රජයට කරන ආගෞරව කිරීමක් . එය ඉන්දිය රජය බලා ගනු ඇති.
– මාධ්‍ය ඒකකය