ව්‍යවස්ථාව හදන වැඩේ විද්වතුන්ට නෙමෙයි ජනවාර්ගික නියෝජිතයන්ට දෙන්න! – මනෝ

September 7, 2020 at 9:08 am | by emanisa.lk

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා වන කෙටුම්පතක් සකස් කිරීම වෙනුවෙන් පත්කර ඇති විශේෂඥ කමිටුවට වතුකරයේ ජීවත් වන දෙමළ හා ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාව නියෝජනය කෙරෙන සාමාජිකයකු පත් කරන්නැයි ඉල්ලමින් දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ
 ගනේෂන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත ලිපියක් යවා තිබේ.
 
 මනෝ ගනේෂන් මෙම ලිපිය මගින් ප‍්‍රකාශ කර ඇත්තේ මේ රටේ දෙමළ, මුස්ලිම් ජනතාවට ආවේනික
 
 ගැටලු තිබෙන්නාක් මෙන් වතුකරයේ ජීවත් වන දෙමළ ජනතාවටද ආවේනික ගැටලු තිබෙන බවයි.
 
 එබැවින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පත සකස් කිරීම වෙනුවෙන් පත්කර ඇති විශේෂඥ කමිටුවට වතුකරයේ දෙමළ ජනතාව නියෝජනය කරන විශේෂඥයකු ඇතුළත්වීම සාධාරණ බවද හෙතෙම ප‍්‍රකාශ කර ඇත.
 
 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් විශේෂඥ කමිටුවක් පත්කිරීම සාධනීය කරුණක් ලෙස දකින බවද හෙතෙම සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස