සජිත් ජනපති කරලා ගෝඨාලගේ රණවිරු ගාය හොඳ කරනවා! – තේනුවර (video)

October 10, 2019 at 12:06 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ප්‍රශ්න කිරීමට අධිකරණයට ගියේ 2015 ලද ජයග්‍රහණය භුක්ති විඳිමින් බව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර පවසයි.

අධිකරණ තීන්දුවට හිස නැමුවා ද තවත් විසඳා ගැනීමට ප්‍රශ්න රාශියක් ඇති බැවින් නැවතත් අධිකරණයට යන බව ද ඔහු ප්‍රකාශ කළේය.

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දීමට සිවිල් සංවිධාන ජාලය මගින් සංවිධානය කළ ජන හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂලාගේ රණවිරු ගායට බෙහෙතක් නොවැම්බර් 16 වෙනිදා ලබා දිය යුතු බවත් එය සහතික කරගත හැක්කේ සජිත් ප්‍රේමදාස ජනාධිපති කර ගැනීමෙන් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.

දඹර අමිල හිමි, අගමැති රනිල් වික්‍රමසිංහ, ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, වික්‍රමබාහු කරුණාරත්න, රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් සහ සමන් රත්නප්‍රිය ද මේ අවස්ථාවට එකතු විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස