රූපවාහිනි සංවාදයට පැමිණි අතාවුල්ලාට වතුර වීදුරු ප්‍රහාරයක්! හිටපු ජාතික ඒකාබද්ධතා ඇමති ශක්ති TV එකේ යකා නටයි! (video)

November 25, 2019 at 7:27 am | by emanisa.lk

මහාරාජා ශක්ති රූපවාහිනයේ මින්නල් වැඩසටහන අතරතුරු හිටපු ඇමති මනෝ ගනේෂන් සහ හිටපු ඇමති ඒ.එල්.එම්. අතාවුල්ලා අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

විවාදය අතරතුරු අතාවුල්ලාගේ ප්‍රකාශයක් නිසා දැඩි ලෙස කෝප වූ මනෝ ගනේෂන් සිය වතුර වීදුරුවෙන් අතාවුල්ලාට පහර දුන්නේය.

මනෝ ගනේෂන් පසුගිය යහපාලන ආණ්ඩුවේ ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු ඇමතිවරයාය.

ජනාධිපතිවරණයේ දී මනෝ ගනේෂන් සජිත් ප්‍රේමදාසට සහාය ලබා දුන් අතර අතාවුල්ලා ගෝඨාභය රාජපක්ෂට සහාය දුන්නේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස