ජනපති ගෝඨා රට හමුදා පාලනයකට අරන් යනවා! ගෝඨාගෙන් රට බේරගන්න අපට ආණ්ඩුව දෙන්න! – මනෝ ගනේෂන්

July 15, 2020 at 10:42 pm | by emanisa.lk

නිවැරදි තීන්දු නිවැරදි වේලාවේ ගන්න බැරිනම් ඒ නායකත්වයෙන් වැඩක් නැති බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත‍්‍රික් අපෙක්ෂක මනෝ ගනේෂන් පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොම්පඤ්ඤවීවීදිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

“2015 වසරේදි රාජපක්ෂ පාලනය පරාජය කර නව ආණ්ඩුවක් බලයට පත් කළා. එම ආණ්ඩුව යහපාලන ආණ්ඩුවක් ලෙස නම් කළා. ඉතිහාසයේ කවරදාකවත් නැතිව රටේ සියලු ජන කොටස් නියෝජනය කරන දේශපාලන පක්ෂ වගේම සිවිල් සමාජයත් එදා රාජපක්ෂ ආණ්ඩුව පෙරළිමට උර දුන්නා. එහිදි රටේ සියලූම ජනතාවගේ අපෙක්ෂාව වුණේ නිදහසින් පසු වසර 70 ක රටේ දේශපාලනය වෙනස් වී රට නිවැරදි මගට යොමු වෙයි කියල.

අපේ අපෙක්ෂාව වුණෙත් එයයි. දෙමළ ජනතාව මුස්ලීම් ජනතාව වශයෙන් අපි නිදහසේ ජීවත් විය හැකි රටක් ප‍්‍රාර්ථනා කළා. මේ රටේ එතෙක් පැවති මහා පරිමාණ රාජ්‍ය දේපල අවභාවිතය දුෂණ වංචා තුරන් වෙලා රට ආර්ථිකමය වශයෙන් සංවර්ධනය වෙයි කියල හිතුවා.

අපි ජනාධිපතිවරයා විදිහට පත් කරගත් පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම බාර ගත්තා. එතැනින් පස්සේ සියල්ලම වෙනස් වුණා. ඔහු රටේ ජනාධිපතිකම වෙනුවට පක්ෂයේ සභාපතිකම හොඳට කළා. අපි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කළේ විශාල බලාපොරොත්තු රැසක් තබාගෙනයි. නමුත් ඔහු ආරම්භයේ කළ කී දේවල් කාලයත් සමග අපේ ඇස් ඉදිරිපිටම බොරුවක් බවට ඔප්පු කළා. යහපාලන ආණ්ඩුව කියන්නේ රටේ ප‍්‍රධාන පක්ෂ දෙකක් එක් කළ හදපු ජාතික ආණ්ඩුවක්. නමුත් කෙටි කාලයක් වෙනුවෙන් ඔවුන් හැමෝම වරප‍්‍රසාද බුක්ති වින්දා. පසුව ඔවුන්ම ආණ්ඩුවම විනාශ කළා.

යහපාලන ආණ්ඩුව කඩා වැටෙන්න තවත් ප‍්‍රධාන හේතුවක් වුණේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතායි. ඔහුට පොතේ දැනුම තිබුණාට ජනතාවගේ හිත දිනා ගැනීමේ දැනුම නැහැ. අපි ලෝකය විතරක් නෙවෙයි මේ ලංකාවේ ජනතාවගෙත් හිත දිනා ගන්න ඕන. රනිල් වික‍්‍රමසිංහ මහතා හැමදාම එක්සත් ජාතික පක්ෂයේ නායක හීනයේ සිටියා මිසක් රට හදන හීනයේ සිටියේ නැහැ. ඔහු තමන්ගේ පක්ෂයේ හිටපු ලොකුම හොරුන්ගේ උපදෙස් පිිළි ගත්තා. ඒ උපදෙස් අනුව තමයි කටයුතු කළේ. ඒ නිසයි මහ බැංකුවේ වගේ ලොකු හොරකම් මේ රටේ වුණේ. ඒ සිදුවීමෙන් පස්සේ යහපාලන ආණ්ඩුව පිළිබදව ජනතාව තුළ තිබුණ විශ්වාසය ගොඩාක් පලුදු වුණා. අපි කියපු දේවල් රනිල් වික‍්‍රමසිංහ ඇහුවත් එවා මේ කනෙන් අහල අනෙක් කනින් පිට කළා. ඔහු ක්‍රියාත්මක කළේ ඔහු ළගම සිටින කපටියන්ගේ අදහස් පමණයි. අපි කාලයත් එක්ක ලෝකයත් එක්ක වෙනස් වෙන්න ඕන. තරුණයින්ට රටේ නායකත්වය බාර දෙන්න ඕන. මේ කිසිම දෙයක් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රතිපත්ති වල නැහැ. ඒ නිසාම පැවති යහපාලන ආණ්ඩුත් එක්සත් ජාතික පක්ෂයත් විනාශ වුණා.

වික‍්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේදි මොන තරම් නම් මුරණ්ඩුව කටයුතු කළාද? එයින් වුණේ විරුද්ධ පක්ෂය වුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත්වීම පමණයි. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා නම් කිරීම ඔහු ඇති තරම් ප‍්‍රමාද කළා. නායකයෙක් වුණාම හොද තීරණ පමණක් නොවෙයි .ඒ හොද තීරණ වේලාවටත් ගන්න ඕන. රත්තරන් වටින තීරණයක් වුණත් හරි වේලාවට ගත්තේ නැත්නම් වැඩක් නැති වෙනවා. අවසානයේ මම ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පෙරමුණේ බොහෝ දෙනෙකුගේ දැඩි බලපෑම මත සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපෙක්ෂකයා ලෙස නම් කෙරුණා. ඔහුව කලින්ම නම් කර තිබුණා නම් ඔහු ජයග‍්‍රහණය කරන්නත් ඉඩ තිබුණා.

මේ පාඩම් නිසාත් රනිල් වික‍්‍රමසිංහ මහතා හා ඔහුගේ කල්ලියේ ක්‍රියා කලාපය නිසාත් අපිට වෙනම සන්ධානයක් හදන්න වුණා. මේ රටට තරුණ නායකත්වයක් අවශ්‍යයයි. අනෙකුත් දේශපාලන මත ඉවසාගෙන නිවැරදි තිරණ ගන්න සජීත් පේ‍්‍රමදාස මහතාට පුළුවන් කියල මම හිතනවා. සමගි ජනබලවේගය හදන්න මම ඇතුලූ මගේ පක්ෂය කැප වුණේ ඒ නිසයි. අපේ සමහර ජනතාව තමන්ගේ නොදැනුවත්කම නිසා අහනවා සංහිඳියාව කන්නද ප‍්‍රජාතන්ත‍්‍රවාදය කන්නද කියල.

වත්මන් ජනාධිපතිවරයා රට හමුදා පාලනයකට අරන් යනවා. එවායේ මුලික ලක්ෂණ දැන්ම පෙන්න පටන් අරන් තිබෙනවා. ජනතාවට වුණත් නොමිලේ දෙයක් ලැබෙන කොට කොහොමත් අගයක් නැහැ. ගොඩාක් මහන්සි වෙලා හම්බ කරල දෙයක් උපයා ගත්තාම තමයි භාණ්ඩයක වුණත් අගය දැනෙන්නේ. ඒ නිසා ජනතාව මේ මහ මැතිවරණයෙත් මෝඩ තීරණ ගත්තොත් අයෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි නිදහසක් බුක්ති විඳින්න වෙන්නේ තව අවුරුදු ගාණනාවකට පස්සේ.

සමගි ජනබලවේගය පක්ෂය ගොඩ නැගීමට අපි කැපවුණේ මේ රටේ දේශපාලනය පිරිසිදු කරන්නයි. අපේ දරුවන්ට හොද රටක් බිහි කරන්න පුළුවන් පිරිසිදු දේශපාලන ගමනක් ආරම්භ කිරීමටයි. රටේ සියලුම ජන කොටස් නියෝජනය කරන එකම ප‍්‍රධාන දේශපාලන පක්ෂය වන්නේ සමගි ජනබලවේගයයි. එැවැනි දේශපාලන බලවේගයක් ගොඩ නැගීම ගැන මම සතුටු වෙනවා. මම සමගි ජනබලවේගය නියෝජන කරන්නේ දෙමළ පුරවැසියෙක් ලෙස පමණක් නොවෙයි. ලාංකීය පුරවැසියෙක් ලෙසයි.

පැවති ආණ්ඩුව කාලයේ අමාත්‍යවරයෙක් ලෙස මම වැඩ කළේ සේවය කලේ මුලු රටේම සමස්ත ජනතාව වෙනුවෙන් මිසක් ජාතිය, පක්ෂය, ආගම බලල නොවෙයි. ඒ නිසා සිංහල ජනතාවගෙනුත් ඉල්ලනවා මට සහයෝගය දෙන්න කියල. අපි ලාංකිකයො කියල හිතල වැඩ කරන්න ආරම්භ කළ දවසක තමයි මේ රටේ සෑබෑ සංවර්ධනය ආර්ම්භ වෙන්නේ කියල රටේ ජනතාව තේරුම් ගන්න ඕන.

– මාධ්‍ය අංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස