ප්‍රමාද නොවී මඩකලපු විශ්වවිද්‍යාලය ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
මඩකලපුව විශ්වවිද්‍යාලය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ. හිස්බුල්ලා විසින් පසුගිය සමයේ ඉදිකළ අතර ඒ සඳහා අරමුදල් ලැබුණු ආකාරය මහත් ආන්දෝලනයට ලක්විය.
එසේම සෑම දිස්ත්‍රික්කයක් පාසා විශ්වවිද්‍යාල පිහිට විය යුතු බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
මේ අවස්ථාවට උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ඇතුළු රාජ්‍ය නිලධාරි පිරිසක් ද සහභාගී වූහ.
Copyright © 2024 emanisa.lk