නැවතත් ආණ්ඩුකාරයා වෙන්න සූදානම්! – හිස්බුල්ලා

July 31, 2019 at 3:04 pm | by emanisa.lk

ජනාධිපතිවරයා ආරාධනා කළහොත් නැවත ආණ්ඩුකාර ධූරය බාරගන්නා බව නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා පවසයි.

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලඥයකු වන හෙයින් පක්ෂ නායක ජනාධිපතිවරයා ලබාදෙන ඕනෑම තනතුරක් බාර ගන්නා බවද හෙතෙම කීය.

තනතුරක් ලබානොදුන්නද පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් තවදුරටත් කැපවෙන බවද හිස්බුල්ලා සඳහන් කරයි.

කොළඹදී ඊයේ (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම එම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස