අසාද් සාලි ආණ්ඩුකාර ධුරයෙන් පන්නයි…

June 1, 2019 at 9:47 am | by admin

රටේ ආන්දෝලනයට ලක්ව සිටින ආණ්ඩුකාරවරයකු වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සූදානමින් සිටින බව ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග පැවැසීය.

බොහෝ දුරට එම පුද්ගලයා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිය විය හැකි බවද එම ආරංචි මාර්ග පැවැසීය.

මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා එම ධුරයෙන් ඉවත් කරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.

ඉස්ලාම් අන්තවාදී කටයුතුවලට ඉහත ආණ්ඩුකාරවරු සම්බන්ධ බවට එල්ලවන චෝදනා සේම මෙම ආණ්ඩුරවරුන්ගේ ඇතැම් හැසිරීම් රටා, ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාට මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව වාර්තාවේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වූ ජනාධිපතිවරයා නැවත ලංකාවට පැමිණියේ අද උදෑසනය. මොහු ආණ්ඩුකාර ධුරයට පත් කළේ ද ජාතික ආරක්ෂක මණ්ඩලයට කැඳවූයේ ද ජනාධිපතිවරයාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස