ජනාධිපතිවරණයේදී මම උදව් කළේ මහින්දට! සහරාන් උදව් කළේ මෛත්‍රීපාලට! – හිස්බුල්ලා

June 14, 2019 at 9:44 am | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ද තමන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය දුන් බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ඊයේ (14) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු‍ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ප්‍රකාශ කළේය.

2015 දී පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා අවසන් වු විට සහරාන් ඔහුගේ කාර්යලයට එන්න ආරාධනා කළ බවත් පැවසු හිස්බුල්ලා ඔහු එවකට දේශපාලනික වශයෙන් තමා ඇතුළු මුස්ලිම් දේශපාලඥයින්ට කථා කර බවද කියා සිටියේය.

සහරාන් එවකට ජාතික තව්හිද් ජමාද් නැමති සංවිධානය පිහිටුවා ගනිමින් ආගමික මතවාදියෙක් ලෙස කටයුතු කර බවත්, එකල ත්‍රස්තවාදියෙක් නොවන බවත් හිස්බුල්ලා පවසයි.

පසුව ඡන්ද ලබා ගැනීමට අවැසි නිසා ඔහුගේ කොන්දේසිවලට එකඟතාව දැක්වූවත් පසුව එම කොන්දේසි කඩ කිරිම හේතුවෙන් තමා සමඟ සහරාන් විරසක වු බව ද කියා සිටියේය. රැස්වීම්වල සිංදු වාදනය, පිරිමි ගැහැනු එකවර රැලිවලට කැඳවීම ආදිය සහරාන් තහනම් කළ බව ද ඔහු පැවසීය.

සහරාන් තමන් සමග අමනාප වීම නිසා ඡන්ද 2000ක් පමණ අහිමි වූ බවත් තමා ඡන්ද 100කින් පමණ පරාජයට පත් වූ බවත් හිස්බුල්ලා පැවසූ අතර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ බවත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස