පන්සල් 10 000කට කුරානය රිංගවන සැලසුමක්! ඉස්ලාම් දහම අදහන චීවරධාරීන් දැනටමත් පන්සලේ! රට පුරා තවුහිද් ජමාත් ලක්ෂ 06ක බලකායක්! (video)

August 11, 2019 at 11:19 am | by emanisa.lk

සමාජ මාධ්‍ය ඔස්සේ භික්ෂුන් වහන්සේට සහ බෞද්ධ ජනතාවට එරෙහිව වෛරී ප්‍රකාශ සිදුකළ රිසාම් අරූස් නම් පුද්ගලයා අද (10) මාධ්‍ය හමුවකට සහභාගි වී තමා සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.

සමාජ මාධ්‍ය ඔස්සේ භික්ෂුන් වහන්සේට සහ බෞද්ධ ජනතාවට එරෙහිව වෛරී ප්‍රකාශයක් ඔහු පසුගියදා සිදුකළේය. එහිදී සිය අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රකාශය හරහා තමා විසින් වරදක් සිදු කළ බවත් ඒ වෙනුවෙන් සමස්ථ බෞද්ධ ජනතාවගෙන් හා සංඝරත්නයෙන් සමාව ඉල්ලා සිටින බවයි. මින් ඉදිරියට එවැනි ක්‍රියා නොකරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම මාධ්‍ය හමුවේදී සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය ඉදිරියේදී සිදුකිරීමට නියමිත තවත් අන්තවාදි ක්‍රියා පිළිබඳව ද හෙළිදරව් කරනු ලැබුවේය.

එහිදී අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

“සිලෝන් තවුහිද් ජමාඩ් සංවිධානය අලුත් වැඩක් කරනවා විහාර 10,000 කට කුරානය රහසිගතව බෙදන්න. ඒ සඳහා ඔවුන් සතුව මධ්‍යස්ථ පිරිසක් ඉන්නවා.

පන්සලට යන ඉස්ලාම් ධර්මය වැළදගත් හාමුදුරුවරු ඒ අය ළඟ ඉන්නවාලු. ඒ සම්බන්ධ හඩපට මා ළඟ තියෙනවා. වගකීමෙන් කියන්නේ. ඒ අය උපයෝගි කරගෙන කුරානය පන්සල් ඇතුළට යවන්න පුළුවන්.

ඒ සඳහා රු. ලක්ෂ 36ක් පමණ එකතු කර ඇති බවත් දැනටමත් මේ සඳහා මුදල් අඩක් විතර යවලා තියෙනවා. කල්කටා සිට මාස 2 ක් ඇතුළත කුරානය ලංකාවට එවන්න නියමිතයි. ලංකාවට එන්න තහනම් කළ පුද්ගලයෙක් වන සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික්ගේ ගුරුවරයා වන පී. ජේන් ලාබ්දීන් හරහා තමයි කුරාන ගෙන්වා ගන්නේ. විකෘති කළ දෙයක් තමයි සමාජගත කරන්න හදන්නේ. ඒ හරහා ප්‍රශ්න අවුලවන්න තමයි හදන්නේ. ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ එකම සිතුවිල්ල ඡන්දය හන්දා මේ දේවල් යට ගහන්න.,

මුස්ලිම් දේශපාලනඥයින් නැවතත් අමාත්‍යධූර භාරගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රැවටීමක් සිදු වු බවත් ත්‍රස්තවාදයට අනුබල දෙන මන්ත්‍රීවරුන් රැසක් සිටින බවත්ය. එම දේශපාලකයන් නම් වශයෙන් තමන් හිස්බුල්ලා පිළිබඳ හෙළිකළ බවත් රිෂාඩ් ගැන ඔප්පු කරගන්න බැරිවු බවත් ඔහු කියා සිටියේය. එසේම තවුහිද් සමාජිකයින් ලක්ෂ 6 කට ආසන්නව සිටින බවත් දේශපාලකයන්ට එම ඡන්ද වැදගත් බවත් ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වු සිංහලේ සංවිධානය ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව ප්‍රකාශ කළේ රිසාම් අරූස් නැමැත්තා සහරාන්ට 2006 දී ලැබුණු ISIS ත්‍රස්ත සහතිකයක් තමන් වෙත ඉදිරිපත් කළ බවයි.

ඒ අනුව සහරාන් ISIS සංවිධානයත් සමඟ සම්බන්ධ බව ඔප්පු කළ හැකි ප්‍රධාන සාක්ෂියක් ලෙස එය හඳුනාගත හැකි බවත් වහාම රිසාම් අරූස් කැඳවා පරීක්ෂණ සිදු කරන ලෙසත් ඔහු ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටියේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස