තවුහිද් ජමාද් ප්‍රහාරයට සම්බන්ධ නෑ! – නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා විදෙස් මාධ්‍යයට කියයි…

April 23, 2019 at 1:17 pm | by admin

ශ්‍රී ලංකාවේ පල්ලි සහ හොටෙල් කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ තවුහිද් ජමාද් සංවිධානය හෝ වෙනත් කණ්ඩායමක් වගකිව යුතු බව මෙතෙක් හෙළි වී නැතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.එ්.එම්. හිස්බුල්ලා මැලේසියානු මාධ්‍ය ආයතනයක් වන theleadersonline.com වෙත පවසා තිබේ.

රටේ මුස්ලිම් අන්තවාදී ක්‍රියාවලට අනුබල දෙන බවට හිස්බුල්ලාට පසුගිය සමයේ දැඩි ලෙස චෝදනා නැඟිණි. තමා කොළඹින් ආයුධ ගෙනැවිත් මුස්ලිම් තරුණයන්ගේ ආරක්ෂාවට බෙදා දුන් බවට හිස්බුල්ලා සිදුකරන ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් පිළිබඳ පසුගිය සමයේ ආරක්ෂක ලේකම්වරයා වෙත ද පැමිණිලි කර තිබිණි. සෞදි අරාබියේ ආධාර මත නැඟෙනහිර ඉදි කරනු ලබන පෞද්ගලික ඉස්ලාම් විශ්වවිද්‍යාලයේ සභාපති ලෙස කටයුතු කරන්නේ ද මොහුය.

කෙසේ වුවද මෙම ප්‍රහාරය එල්ල කළේ තවුහිද් ජමාද් සංවිධානය බව ප්‍රහාරකයන් දෙදෙනෙකු ද සමග ඉන්දියානු මාධ්‍ය ආයතනයක් මුලින්ම හෙළි කළ අතර ශ්‍රී ලංකා රජය ද පසුව එය පිළිගත්තේය. නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස එම් එල් ඒ එම් හිස්බුල්ලා පසුගිය ජනවාරි මස පත් කළ අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස