මෛත්‍රී ගත් නිසා අපටත් බැනුම් අහන්න වෙලා! ශ්‍රිලනිපයෙන් වෙන කෙනෙක් එවනවා නම් භාරගන්නවා! – මහින්ද

February 23, 2020 at 3:54 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම පාර්ශ්වයට එක්කර ගැනීම හේතුවෙන් විශාල විරෝධයක් එල්ල වී ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ගිවිසුම්ගත වී ඇති නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවන ලද පුද්ගලයා පිළිගැනීමට සිදු වූයේ යයිද ඔහු සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන වෙනුවට වෙනත් පුද්ගලයෙකු ශ‍්‍රීලනිපය විසින් එවුවේ නම් ඔහු පිළිගන්නා බවද අගමැතිවරයා පැවසීය.

අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැදකින්නට එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමින් අගමැතිවරයා මේ අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස