අයිසිස් ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න ජනාධිපතිතුමාට පුළුවන්! – බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමති

May 3, 2019 at 8:37 pm | by admin

ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට වත්මන් ජනපතිට හැකියාව ඇති බව බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා පවසයි. ඔහු මේ අදහස් පල කළේ අද (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදීය.

දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ආරක්ෂක හා ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය ඇමති බෙන් වොලස් මහතා ජනාධිපතිතුමා මුණගැසුනේ අද(03) පෙරවරුවේය.

මෙවැනි ගෝලීය ත්‍රස්ත සංවිධානයකට මුහුණදීමේදී අන්තර්ජාතික සහාය අවශ්‍ය බවද බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ත්‍රස්ත ප්‍රහාර සහ අවදානම හඳුනාගැනීම සදහා බ්‍රිතාන්‍ය රජය සිදු කළ පරිදි සියලු දේශීය අංශවල තොරතුරු එක්රැස් කිරීමේ ඒකාබද්ධ විමර්ශන කේන්ද්‍රයක් පිහිට විය යුතු බවත් ඒ සදහා ශ්‍රී ලංකාවට සහාය දීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස