අද රට හමුවේ ඇති නවතම අභියෝගය කාන්තාවන් බීමට ඇබ්බැහි වීමයි! වතුරවලට වඩා බියර් ලාභ වීම ඒකට හේතුවයි! – ජනපති

July 2, 2019 at 8:48 am | by emanisa.lk

මේ වන විට ලංකාව මුහුණ දී ඇති නවතම අභියෝගය වන්නේ කාන්තාවන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඊයේ (01) උදෑසන කොළඹ සුගගදාස ක්‍රීඩාංගනයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහටනේ අවසන් දින උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

පසුගිය කාලයේ බියර් සඳහා වු මිල ගණන් විශාල වශයෙන් අඩු කළ බව ද පවසා සිටි ජනාධිපතිවරයා, ඒ නිසාවෙන් වතුර බෝතල්වලට වඩා බියර් බෝතල් ලාබ වී ඇතැයි ද පැවසීය.

කෙසේ වෙතත් මේ තත්ත්වය තුළ කාන්තාවන් වැඩි වශයෙන් බියර් පානය කිරීමට හා වයින් පානයට යොමුව ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, ඒ තුළින් දුම්වැටි හා ගංජා වැනි මත්ද්‍රව්‍ය පාවිච්චියට ද යොමු වන බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස