අගමැතිගේ පාස්කු උගුලට ජනපති පනී! දිනය සහ වේලාව මෙන්න!

September 9, 2019 at 8:23 am | by emanisa.lk

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දිනයක් ලබා දී ඇත.

ලබන 20 වන දින අදාළ හමුවීම සඳහා ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සඳහන් කළේය.

20 වන දින පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමුවීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලිඛිතව දැනුම් දී ඇති අතර එදිනට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් තීරණය කර ඇත.

කෙසේ වුවද මෙම පාර්ලිමේන්තු තේරීම් කමිටුව ජනාධිපතිවරයාට මඩ ගැසීම සඳහා ඇට වූ නාඩගමක් බවත් ඒ හමුවට ජනාධිපතිවරයා නොයන බවත් මෙයට පෙර ප්‍රකාශ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස