අයවැය පරදා මැතිවරණයකට යන සූදානමක්! මෛත්‍රී මහින්ද ජවිපෙ එක්වෙයි!

March 12, 2019 at 9:39 am | by admin

විපක්‍ෂයට සම්බන්ධ සියලු පක්‍ෂ ඒකරාශී කරගෙන මෙවර අයවැය පරාජයට පත්කර මහ මැතිවරණයක් ලබා ගැනීමට කටයුතු කරන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ ඊයේ (11 වැනිදා) කියා සිටියේය.

මෙවර අයවැය පරාජය වන බව දෙමළ ජාතික සන්ධානය හොඳින් දැන සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා ඔවුන්ගෙන් ඇතැමකු එක්සත් ජාතික පක්‍ෂයේ හුරතලුන් වී රජය ආරක්‍ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවද කීය.

දෙමළ පක්‍ෂ නායකයන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව රවටා ආණ්ඩුව සමග එකට කටයුතු කරන බව කියා සිටි මහින්ද රාජපක්‍ෂ රජය එම දෙමළ පක්‍ෂවල සහාය ලබාගෙන අයවැය ජයග‍්‍රහණය කිරීමට දැඩි උත්සාහයක නිරත වී සිටින බවද පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද අයවැය පරාජය කිරීමට සූදානම් බව පැවසෙයි. ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කරන එජාප මන්ත්‍රී පිරිසක් ද ඊට සහාය දීමට සූදානම් බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස