“මම නැවත උපදිනවා!” – පොළොන්නරුවෙන් සිරිසේන සුළඟ අරඹමින් හිටපු ජනපති අනතුරු අඟවයි!

December 1, 2019 at 9:35 am | by emanisa.lk

දුප්පත් පවුලකින් පැමිණ රාජ්‍ය නායකයා බවට පත්වූ අයකුට නින්දා අපහාස එතරම් පුදුමයට කාරණයක් නොවුණ ද තමා ඒ කිසිවකින් නොසැලෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඇතැමුන් සිය නිල කාලය අවසන් නිසා තමාගේ දේශපාලනය අවසන් යැයි සිතුවත් එය එසේ නොවන බවත් තමා දේශපාලනිකව නැවත ඉපදී අවසන් හුස්ම වැටෙන තුරු රටට සහ ජනතාවට සේවය කරන බවත් මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේය.

එය කිසිවකුට නතර කළ නොහැකි බවත් හෙතෙම සහතික කළේය.

හිටපු ජනාධිපතිවරයා පිළිගැනීමට පොළොන්නරුවේ පැවති උත්සව සභාවක් අමතමින් ඊයේ (30) මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස