අමල් පෙරේරා තවත් හිරවෙයි! ජනපති ඝාතන චූදිත DIG නාලක සමග පැවති සබඳතාත් එළියට! (video)

February 13, 2019 at 5:28 pm | by admin

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ චෝදනා මත අත්අඩංගුවේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන අමල් පෙරේරා අතර සබඳතාවක් පැවති බව අද අධිකරණයේ දී අනාවරණය විය.

දූෂණ විරෝධි බලකායේ නාමල් කුමාර මීට පෙර හෙළි කළේ මෙම ඝාතන කුමන්ත්‍රණයට මාකඳුරේ මදූෂ් ලවා සිදු කිරීම සැලසුම වූ බවය. මොවුන් අතර පැවති සබඳතා ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ඇතිව සොයා බලන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *