අධ්‍යාපනය පිළිබඳ තීන්දු ගත යුත්තේ අධ්‍යාපනඥයන් මිස දේශපාලකයන් නෙමෙයි! – ශිෂ්‍යත්වය අහෝසි කිරීමට තින්දු කළ ජනපති…

April 13, 2019 at 10:06 am | by admin

කොළඹ දිස්ත්‍රිික්කයේ පාසල්වල සිසුන්ගෙන් 60%ක් කොළඹින් පිට පළාත්වල සිසුන් බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශිෂ්‍යත්වය සහ විවිධ දැනහැඳුනුම්කම් අනුව එම ළමුන් කොළඹ පාසල්වලට පැමිණෙන බව පෙන්වා දෙයි.

එම පාසල්වල කොළඹ සිසුන් සිටින්නේ 40%ක් පමණක් වන අතර මේ නිසා මැද කොළඹ උතුර කොළඹ බොහෝ සිසුන්ට පාසලක් සොයා ගැනීම විශාල ගැටලුවක් වී ඇතැයි ද මේ සඳහා ශිෂ්‍යත්ව විභාගය මූලික හේතුවක් බව ද ජනාධිපතිවරයා පවසයි.

හොඳ පාසල් යනුවෙන් සංකල්පයක් තිබිය නොහැකි බවත් එසේ නම් සෙසු පාසල් නරක පාසල් ලෙස පිළිගත යුතු බවත් හෙතෙම වැඩි දුරටත් පවසයි. ශිෂ්‍යත්ව විභාගයට 30%ක් එරෙහි වන්නේ නම් ඊට එකම හේතුව ළමයින්ට හොඳ පාසලක් සොයා ගැනීම යන අදහස බව ද ජනාධිපතිවරයා හෙළි කරයි.

ලක්ෂ 40ක් සිසුන් අතරින් ලක්ෂ දෙකක පිරිස අතරට පැමිණීමට පවතින තරගය නිසා සිසුන් මෙන්ම දෙමාපියන් ද අසහනයෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *