අයිසිස් ප්‍රහාරය මගේ මත්ද්‍රව්‍ය විරෝධී සටන නිසා ඉක්මන් වෙන්න ඇති! – ජනපති

April 26, 2019 at 1:24 pm | by admin

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමන් ගෙන යන වැඩපිළිවෙළ අයි.එස්. සංවිධානය ලංකාවට පහර දීම ඉක්මන් වන්නට ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

“ලෝකයේ ආගමික අන්තවාදය හා මත්ද්‍රව්‍ය වෙළඳාම අතර දැඩි සම්බන්ධතාවක් තිබෙනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රභල ආදායමක් වුණේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමයි.

ඇතැම් විට අයිසීස් සංවිධානය ඔවුන්ගේ අරමුණු අනුව අනිත් රටවලට වගේම ලංකාවටත් පහර දෙන්න ඇති. නමුත් ඒ පහරදීම මගේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ නිසා ඉක්මන් වුණා වෙන්නත් පුළුවන්”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස