මිලියන ගණනක විදේශ විනිමය රටේ ඉතිරි කරන සැලසුමක්! ඖෂධ වර්ග සමූහයක් මෙරටදීම නිෂ්පාදනයට සූදානම්!

May 8, 2020 at 12:34 pm | by emanisa.lk

දැනට පිටරටවලින් ගෙන්වනු ලබන ඖෂධවලින් විශාල ප්‍රමාණයක් රට තුළ ම නිෂ්පාදනය කර ගත හැකි බැවින් වහා ම ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය වෙත උපදෙස් දී තිබේ.

ඖෂධ ආනයනය කිරීම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කෙරෙන අතර එසේ ආනයනය කරන ඖෂධ විශාල ප්‍රමාණයක් මෙරට තුළ දී ම නිපදවිය හැකි ය. එමඟින් ඖෂධ ආනයනය සඳහා වැය වන අති විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක වෙමින් අත්‍යවශ්‍ය ඖෂධ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමටත් ඒවා සහන මිල ගණන් යටතේ රටේ ජනතාවට ලබා දීමටත් ඇති හැකියාව අධ්‍යයනය කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහි දී උපදෙස් දී තිබේ. අන්තර්ජාතික ප්‍රමිතීන් අනුව උසස් ම තත්වයේ ඖෂධ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කළ හැකි බවට ජනාධිපති රාජපක්ෂ මෙහි දී විස්වාසය පළ කර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සේලයින් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් නිෂ්පාදනය කිරීම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් මේ වන විටත් ආරම්භ කර ඇත.. 1987 ජපානයෙන් ලබා දුන් පරිත්‍යාගයක් ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමටත් ඖෂධ මිලෙහි පවත්නා පෞද්ගලික වෙළෙඳ අධිකාරියෙන් ජනතාව ආරක්ෂා කිරීමටත් කටයුතු කරන ප්‍රධාන රාජ්‍ය ආයතනයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිර්දේශ කර ඇති පරිදි යහ නිෂ්පාදන පුරුදු හෙවත් GMP අවශ්‍යතා සපුරා ලමින් ක්‍රියාත්මක වන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මේ වන විට මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් සියයට12ත් සියයට 15ත් අතර ප්‍රමාණයක් සම්පූර්ණ කරයි.

රටට අවශ්‍ය ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමේ පසුබිම කඩිනමින් සැකසීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය වෙත උපදෙස් දී තිබේ.

මෙම කාර්ය සාධක බළකාය සමඟ ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (06) පැවැති පළමු සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබේ.

සේලයින් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.

ඒ අනුව ඖෂධ ආනයනයට වැය වූ විනිමය විශාල ප්‍රමාණයක් රටට ඉතිරි කරගැනීමට ඉදිරියේදී අවස්ථාව සැලසෙනු ඇති.

1987 ජපානයෙන් ලබා දුන් පරිත්‍යාගයක් ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අපේ රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමටත්, ඖෂධ මිලෙහි පවත්නා වෙළඳ අධිකාරියෙන් ජනතාව ආරක්ෂා කිරීමටත් කටයුතු කරන මෙරට තුළ ඖෂධ නිපදවන එකම රාජ්‍ය ආයතනයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිර්දේශ කර ඇති පරිදි යහ නිෂ්පාදන පුරුදු හෙවත් GMP අවශ්‍යතා සපුරාලමින් ක්‍රියාත්මක වන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව රටේ ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට12ත් සියයට 15ත් අතර ප්‍රමාණයක් සම්පූර්ණ කරනු ලබන ඖෂධ නිෂ්පාදනයට අදාළ සුවිශේෂී ඉලක්කයන් රැසක් සම්පුර්ණ කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමු කර අවසන්ව ඇත.

මේ වනවිට පැසිඩෝල් වෙළඳ නාමය යටතේ ශ්‍රෘ ලංකාවට අවශ්යෂ පැරසිටමෝල් නිෂ්පාදනය කිරීම රාජ්යව ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් ඉතා සාර්ථකව සිදුකරමින් පවතින අතර සිරුරේ දූවිලි අංශුවක් හෝ ඇතුළු නොවන අයුරින් දැඩි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් උසස් තත්ත්වයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමට ඔවුන් කටයුතු කරයි.

වසර 30කට අධික කාලයක් ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් ගොඩනගා ගත් විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් නවීන තාක්ෂණික උපාංග උපයෝගී කරගනිමින් ඖෂධ නිෂ්පාදනයේ නව ඉලක්ක කරා ගමන් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මේ වනවිට සැලසුම් සකස් කර අවසන්ව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස